අද සිට විනීත රියැදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් September 18, 2017 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව නීතිගරුකව හා විනයගරුකව රිය පදවන විනීත රියැදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (18) සිට කොළඹ නගරය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක කෙරේ. දෙවන වරට මෙම වැඩසටහන කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබයි.