ජාත්‍යන්තර ප්‍රවාහන දිනය වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක්

Share

හෙටට යෙදෙන ජාත්‍යන්තර ප්‍රවාහන දිනයට සමගාමීව බස් රථ ඇතුළු සෑම වාහනයක් වෙනුවෙන් ගසක් රෝපණය කිරිමේ ජාතික වැඩපිළිවෙළක් අද ආරම්භ කෙරේ.

මෙරට ග්‍රීන් ඩ්‍රයිව් සංකල්පය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම කර්යය සිදු කරනු ලබන අතර මේ තුළින් මෙරට කාබන් ඩයෝක්සයින් අවශෝෂණ ක්‍රියාවලිය වේගවත් කර වායු ගෝලීය ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට හැකි වන බව වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළේය.

Read more

Local News