සමගි ජනබලවේගයේ මහලේකම්ගෙන් නිවේදනයක්

Share

පාස්කු ප්‍රහාරයේ වින්දිත පාර්ශවයන්ට සාධාරණයක් ඉටුවේ යැයි අපේක්ෂාවෙන් පත් කළ කොමිසමේ නිර්දේශයන් තුළ එකී අපේක්ෂා ඉටු කිරිමට අපොහොසත්වීම ඛේදවාචකයක් බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි.

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ “අතිඅතුම් කාදිනල් හිම්පාණේා් මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා මුල සිටම දුන් බලාපොරොත්තු කඩවී ඇති බවයි. ආණ්ඩුවේ වගකිම් ඉටු නොකරන විට බලපෑමි කරනුවස් එතුමා ක්‍රියාවට නංවන කළු ඉරිදා විරෝධයට සමගි ජන බලවේගයේ සහාය ලබා දෙන බව අවධාරණය කරමු. තමාට බලය ලබා ගැනීමට පමණක් පාරුවක් කර නොගෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහමොලකරුවන් හෙළිදරවි කිරිසට ආණ්ඩුව වහා පියවර ගත යුතුය” යනුවෙනි.

Read more

Local News