කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Share

අඹතලේ සිට කොළොන්නාවට ජලය රැගෙන එන නළයක අලුත්වැඩියාවක් ඊට හේතුවෙන් අද(06) උදෑසන 9.00 සිට කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 20 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත , රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News