කුලී පදනම මත ලබාගන්නා වාහන පිළිබද ඉතා විමසිලිමත් විය යුතුයි

Share

කුලී පදනම මත ලබාගන්නා වාහන සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස්කර වාහන ජාවාරමක යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර බුද්ධි කොට්ඨාෂය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව කුලී පදනම මත ලබාගන්නා වාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකස්කර අඩු මුදලකට එම වාහන විකිණීම ජාවාරම්කරුවන් විසින් සිදුකර තිබේ.

මෙවැනි සිද්ධි 17ක් පමණ මේ වන විට වාර්තා වී ඇති අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් මෙවැනි සොරකම් කිරීම් සිදුකරන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් එබැවින් කුලී පදනම මත වාහන ලබාදෙන්නන් පිළිබද ඉතා විමසිලිමත් වීම යෝග්‍ය වන බවයි.

Read more

Local News