යුද හමුදාපති කොරෝනා එන්නත ලබා ගනී (ඡායාරූප)

Share

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීම අද (06) පෙරවරුවේදී  සිදු විය.

ඒ යුද හමුදා රෝහලේ  දී ය. 

මෙම අවස්ථාව සදහා ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද එක් විය.  

මෙම අවස්ථාවේදී දිවයිනේ ප්‍රවීණ කලාකරුවන්  පිරිසක්ද තම එන්නත යුද හමුදාපතිවරයා සමගින් ලබා ගැනීම සිදු විය. මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද,  ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද සහභාගි වූ බව යුද හමුදාව පවසයි.

Read more

Local News