පාඨලීට එරෙහි නඩුව මැයි 31 වැනිදා විභාගයට

Share

රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු ඇමති පාඨලී චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට දින නියම කර තිබේ.

ඉකුත් 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය. 

ව්‍යාජ සාක්ෂි සැකසීම හා සාක්ෂි වසන් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මෙහිදී චෝදනා එල්ල වී සිටි.  

 මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

Read more

Local News