ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් 344ක් වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,039 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්ය. සෙසු ආසාදිතයින් පිරිස දේශියව හදුනා ගෙන ඇත.

ඊයේ දිනයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 65 කි.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක් ලෙස වාර්තා වේ.

ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

රෝහල්ගතව ආසාදිතයින් 3024 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82,513 කි.

පසුගිය පැය 24 තුළ මෙරටින් තුළින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 5 දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව 507 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී ඇත්තේ, අනුරධපුරය, හෙම්මාතගම, කොළඹ 06 , ධර්ගා නගරය සහ ජා – ඇල යන ප්‍රදේශවලිනි.

නිරෝධායන මධ්‍යස්ථාන 104 ක් තුළ පුද්ගලයින් 10,192 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (8) දිනය තුළ මෙරටදී PCR පරීක්‍ෂණ 7,194 කි.

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ පහතින්

Read more

Local News