පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ (ඡායාරූප)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.


මෙම අවස්ථාවට මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඔවුන්ට අමතරව  සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම්,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි කුෂාණී රෝහණධීර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඊට සහභාගි වූහ

May be an image of 1 person, standing, flower and indoor
May be an image of 4 people, people standing and indoorMay be an image of one or more people, people standing, people sitting and indoor

Read more

Local News