පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ලංකාවට

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කයිරන් පොලා(ර්)ඩ් විසින් මෙහෙයවනු ලබයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (10) පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් හට හිමිව තිබේ.

දෙරට අතර පැවති 20යි 20 තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සහභාගීවන රෝඩ් සේෆ්ටි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වේ.

ඒ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමගය.

Read more

Local News