බුර්කාව පැළදීම තහනම් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඇමති සරත් වීරසේකර කියයි

Share

ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් වත්මන් රජය විසින් ගෙන ඇති අතර ඉන් එක් පියවරක් ලෙස බුර්කාව පැළදීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

පාස්කු ප්‍රහාරය සඳහා නැඹුරු වූ ආකාරය, අරමුණ, ප්‍රහාරය මෙහෙයවූයේ කවුද, එයට මුදල් ලැබුනේ කාගෙන්ද,ඊට ලැබුනු දේශීය විදේශීය සම්බන්ධතා යන ප්‍රශ්ණවලට පැහැදිලිව මේ වන විට පිළිතුරු ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නුදුරු දිනයේ ගන්නා බවද අතර දැනට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නැමැත්තා පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන්ව එම ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ පුද්ගලයෙකු ලෙස හදුනාගෙන තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා සඳහන් කළේය.

Read more

Local News