කොළඹ සිට අනුරාධපුරය බලා ගමන් ගත් මෝටර් රථයක් වැවකට පෙරළෙයි

Share

ඊයේ දිනයේ කොළඹ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් තඹුත්තේගම කලාඔය පාලම අසලින් ඉකිලිගොල්ලෑව වැවට පෙරළී ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ප්‍රදේශවාසින් වහා ක්‍රියාත්මකවී එහි ගමන්ගත් පිරිස බේරාගෙන තිබෙන අතර විශාල බෑවුම් සහිත ස්ථානයක් පසුකරමින් තිබියදී මෝටර් රථයේ රියදුරාට රථය පාලනය කරගත නොහැකි වීමෙන් මේ අනතුර සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇත.

Read more

Local News