වසර 18කට පසු ට්‍රැක්ටර් සංස්ථා සේවකයන්ට වන්දි

Share

1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වානිජ නීතිගත ටැක්ටර් සංස්ථාව  1977දී පෞද්ගලිකකරණය කිරීමෙන් පසු,වසර 2000 දී එය සමාගමක් බවට පත්කිරීමේ දී  සේවය අහිමිවූ මෙතෙක් වන්දි නොගෙවූ සේවකයන් 28 දෙනෙකුට එම වන්දි මුදල් ප්‍රදානය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,වසර ගණනාවක් තමන්ගේ හිඟ වැටුප් සහ වන්දි ලබා ගැනීමට නොහැකිව සිටි ට්‍රැක්ටර් සංස්ථා සේවක පිරිසට එම පාරිතෝෂිත දීමනා සහ වන්දි ලබාදීමට හැකිවීම සතුටට කාරණයක් බවය.කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන වගකීම වන්නේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමයි.එම නිසා පහුගිය කෙටි කාලය තුළ තුල කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කර දෙන කරදෙන පනත් රාශියක් අපිට අලුතෙන් ගෙන යෑමට හැකි වුණා .

එසේම පසුගිය වසර ගණනාවක් ඉටු කිරීමට නොහැකි වූ වූ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ ඉල්ලීම  දීර්ඝ සාකච්ඡා රාශියකින් පසු ලබාදීමට හැකිවීම ද විශාල ජයග්‍රහණයක් බවය.

අදාල සේවකයන්ගේ හිඟ වැටුප් පාරිතෝෂිත දීමනාවලට අදාල චෙක්පත් අද දින ලබා දෙන අතර ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල්වල  ප්‍රතිලාභ මුදල් මෙම සේවකයන් විසින් ඉල්ලීම් කළ විට කඩිනමින් ලබාදීම නුදුරු දිනයක සිදු කෙරෙන බව ද එම  අර්ථසාධක මුදල් මහ බැංකුවට මේ වනවිට යොමු කර ඇති බව ද   අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දීපැවසීය.

මෙහිදී අදහස් දැක්වූ එම සේවක එකමුතුවේ සභාපති පී.ඒ.ඩි.ඩග්ලස් මහතා කියා සිටියේ,වසර 20කට ආසන්න කාලයක් මෙම රැකියා අහිමි වීමෙන් පසු තමා තම සහෝදර සේවකයන් ඇමතිවරු රාශියක් ලඟට යමින් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස  ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්,සමහර ඇමතිවරු ලඟට තුන්සිළඟට තුන්සිය වාරයකට ආසන සංඛ්‍යාවක් ගිය බව ද ඔහු පැවසීය.

ලිපි ලේඛන දස දහස් ගණනකට ආසන්න සංඛ්‍යාවක් තමන් විසින් සකස් කර විවිධ පුද්ගලයන් වෙත යවා ඇති බව  ද එහෙත්  තම ඉල්ලීම් පිළිබඳ ඉතාම සාවධානව කරුණු විමසා ඒ මොහොතේම ලේකම්තුමා සමග සාකච්ඡා කර  ඉතාම කෙටි කාලයක් තුළ දී අප සාමාජිකයන්ට සාධාරණත්වය ඉටු කර එම වන්දි මුදල් සහ සියලු මුදල් ලබාදීමට ඉතාමත් කඩිනමින් පියවර ගත්  වර්තමාන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තම සාමාජිකයන් සහ  එම පවුල්වල  සියලු දෙනාම  ස්තූතිවන්ත වන  බව ඩග්ලස් මහතා මෙහිදී පැවසීය.

වසර 18ක් පුරා තමන් සහ තම සහෝදර සේවකයන් මෙම ඉල්ලීම් ඉටු කර ගැනීමට සටන් කරද්දී මෙම සේවක සමූහය අතර සිටි සහෝදරයන් හත් දෙනකු  ජීවිතයෙන් සමුගත් බව  ද ඩග්ලස් මහතා පැවසීය.

ප්‍රමාද වී හෝ අපගේ ඉල්ලීම කෙරෙහි  ඉතාම උවමනාවෙන් කටයුතු කර මෙම සේවක සමූහයාට සාධාරණය ඉටු කර දීමට ක්‍රියාකාරිව මැදිහත් වූ ප කම්කරු
අමාත්‍යංශයේ ලේකම්තුමාසහ කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමා  ඇතුළු සියලු දෙනාට තමන්ගේ ස්තූතිය පුද කරන බව මෙහි දී ඩග්ලස් මහතා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යයංශ ලේකම් මාපා පතිරන මහතාද,කම්කරු ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද, ප්‍රතිලාබීන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්වුහ.

Read more

Local News