බෝපත්තලාව රක්ෂිතයේ දර කැඩීමට ගිය තරුණයෙකු අතුරුදන්

Share

දින තුනකට පෙර බෝපත්තලාව රක්ෂිතයේ දර කැඩීමට ගිය 24 හැවිරිදි තරුණයෙකු අතුරුදන්වී ඇති බව පොලිසිය පවසයි.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් දියත් කර තිබේ

මෙසේ අතුරුදහන් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් තේ වත්තේ ඉහල කොටසේ පදිංචි තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමති (26) හැවිරිදි තරුණයෙකි.

අතුරුදහන් වි ඇති තරුණයා නිතර නිතර දර කැඩීමට එම රක්ෂිතය තුළට පිවිසෙන බවත්, අතුරුදහන් වු තරුණයා ඔහුගේ ජංගම දුරකථනයද දර කැඩිමට යන අවස්ථාවේ රැගෙන ගොස් ඇති බවත්, එම ජංගම දුරකථනය මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බවත් පොලිසිය පැවසීය.

අතුරුදහන් වු තරුණයා සම්බන්ධයෙන් ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුම් ඔස්සේ වෙනම පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද බගවන්තලාව පොලීසිය සඳහන් කළේය.

පොලිසිය විසින් වැඩ්දුර විමර්ශන සිදු කරයි.

Read more

Local News