අගමැති ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලයි (ඡායාරූප)

Share

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය ඊයේ (12) විමසා බැලුවේය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳ අවධානය යොමු කෙළේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි.

‘සැමට නිවෙසක් සහ තිරසර ඉදිකිරීම් කර්මාන්තයක්’ තේමාවෙන් සිය රාජ්‍ය අමාත්‍යාංශය ඔස්සේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී පැහැදිළි කෙළේය.

ග්‍රාමීය නිවාසවලට අමතරව ඉදිකිරීම් හා ගොඩනැඟිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ මේ වනවිට පවතින ව්‍යාපෘති හා ඒවායේ ප්‍රගතිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්විය.

‘ඔබට ගෙයක්-රටට හෙටක්’ ආධාර නිවාස වැඩසටහන යටතේ 2020 වසරේ දී ග්‍රාමීය නිවාස 6745ක වැඩ අවසන් කර ඇති අතර, ඒ වෙනුවෙන් ආණ්ඩුව රුපියල් මිලියන 5257ක් වැය කැර තිබේ.

මෙම ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිය යටතේ 2021 වසරේ නිවාස 14022ක් ඉදිකිරීමට නියමිතය. ඉන් 1917ක වැඩ මේ වනවිට ආරම්භ කැර ඇත.

මෙයට අමතරව මහා සංඝරත්නයේ දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක මිහිඳු නිවහන නව නිවාස ව්‍යාපෘතිය පිළිබඳ අගමැතිවරයා විමසා සිටියේය.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය යටතේ නිවාස 2000ක් ඉදිකිරීමට නියමිත අතර, ඉන් නිවාස 50ක කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව නිලධාරිහු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දුන්හ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ඕෂන් වීව් සංවර්ධන පුද්ගලික සමාගම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ගොඩනඟිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැඟිලි ද්‍රව්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ඔස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය අගමැතිවරයා මෙහිදී විමසා බැලුවේය.

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.බී. යාලේගම, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කීර්ති රංජිත් අබේසිරිවර්ධන, අතිරේක ලේකම් පුෂ්පා එදිරිසිංහ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ආර්. කළුපහන, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර මහත්වරුන් ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීහු ඇතුළු නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No photo description available.
May be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of 1 person and sittingMay be an image of one or more people, people sitting and indoor

Read more

Local News