ලොව පුරා නිවුන් දරු උපත් වාර්තාගත ලෙස ඉහළට

Share

ලොව පුරා නිවුන් දරු උපත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, 1980 සිට ද්විත්ව උපත් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක වාර්තා හා විශ්ලේෂණයන් මෙම සඳහා භාවිතා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලෝක ජනගහනයෙන් 99% ක් ආවරණය වන පරිදි රටවල් 165 ක ද්විත්ව උපත් අනුපාතයන්හි විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇති බවයි.

ඒ අනුව මේ වනවිට මව්වරුන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහි කරයි.

පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය ද්විත්ව උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යයනයේ තොරතුරු මගින් වාර්තා වේ.

Read more

Local News