ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 307ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යව 87,907ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් ආසාදිතයින් 25 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තාවී ඇති අතර ඉතිරි ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දේශීයවයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යවා 50 කි.

ඊට අමතරව, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 136 දෙනා වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

අසාදිතයින් 84,647 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර ආසාදිතයින් 2,732 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඒ අනුව කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 527 ක් දක්වා ඉහළ ගියේ ය.

අද දිනයේදී ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 106 ක් තුළ පුද්ගලයින් 10,370 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (14) දිනය තුළ PCR පරීක්‍ෂණ 6,918 ක් සිදුකර ඇත.

Read more

Local News