උත්සව සමයේ සංචරණ සීමා පැනවිය යුතුයි : GMOA

Share

මේ වන විට මෙරට කොරෝනා වෙෙරසය පැතිරයම්න් පවතින අතර වෛරසය පැතිර යෑම පාලනයට අප්‍රේල් මාසයේදී සංචරණ සීමා පැනවීම සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ එළඹෙන අප්‍රේල් අවුරුදු සමයේ කොළඹ සංචරණය වැඩිවුවහොත් ආසාදිතයින් නැවතත් උත්සන්න විය හැකි බවය. 

“දැන් අප්‍රේල් මාසය මේ නව අවුරුදු මාසය ගත්තොත් අනෙක් ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනතාව කොළඹට එන්න පටන් ගත්තොත් කොළඹ ජනගහන සංචරණය වැඩි වුණොත් මේ රෝගය නැවත වාරයක් උත්සන්න වීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් ඒ නිසා සංචරණ සීමා ඇති කිරීම ඉතාම අවශ්‍යයි. නිරෝධායනය ගැන තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ ජනතාව හැකි උපරිමයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ නිරෝධායන නීති හා සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඒරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බවයි.

Read more

Local News