දේශිය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ථනයට සැලසුම්සහගත වැඩපිළිවෙලක් : ජනපති (ඡායාරූප)

Share

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟළුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ ඇඟළුම් සඳහා ලෝක පූජීත සන්නාමයක් බවට පත්කිරීමේ හැකියාවද ලැබී තිබේ.

දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබිය

ඉලක්ක සපුරා ගැනීමට රජය විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන අතර, මේ වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය ඩොලර් බිලියන 5.1කි. ඉලක්ක සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

සෞඛ්‍ය නිර්දේශ නිසා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද ව්‍යාපාරිකයෝ පැහැදිලි කළහ. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සොයා බැලීමට යෝජනා කෙරුණි.

ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය පිළිබඳවද අවධානය යොමු වූ අතර ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදා කිරීම තුළින් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ශණය කර ගත හැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආයෝජකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම හා වීසා ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

May be an image of 1 person, standing and indoor
May be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of one or more people, people standing and indoorMay be an image of 1 person and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of 1 person and indoorMay be an image of 1 person and indoorMay be an image of one or more people, people standing and indoor

Read more

Local News