ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් හදුනාගත් ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 286ක් හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 274 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.

මේ අතර වැඩිම ආසාදිතයින් පිරිස්‍ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 94 කි.

ඊට අමතරව,කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26ක් ලෙස වාර්තා වී තිබේ.

අද (17) දින උදෑසන වනවිට, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,524 ක් වන අතර ඉන් පුද්ගලයින් 85371දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ති‌බේ.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2,619 දෙනෙකු පමණි.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 2 දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව ද 534 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ දෙක වාර්තා වී ඇත්තේ, මහනුවර සහ මිගමුව යන ප්‍රදේශවලිනි.

මේ අතර ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 104 ක් තුළ පුද්ගලයින් 10, 752 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (15) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 9,716 කි.

Read more

Local News