දුම්රිය සංකේත ⁣වැඩ වර්ජනයක

Share

දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද අමාත්‍යංශයේදි පැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

Read more

Local News