අගමැති හෙට බංග්ලාදේශයේ දෙදින සංචාරයකට

Share

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තිබෙන මිතුදම ශක්තිමත් කර ගනිමින් දෙදින නිල සංචාරයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා දෙදින සංචාරයක් සඳහා හෙට (19) දිනයේ බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මහතාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනී ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අගමැතිවරයා මේ සංචාරයේ නිරත වෙයි.

බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මහතාගේ 100 වැනි ජන්ම දිනය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද “මුජිබ් වර්ෂය” (Mujib Year) නිමිත්තෙන් හෙට (19) පස්වරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.

No photo description available.
May be an image of text

Read more

Local News