ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 338ක් වාර්තා විය.

ඉන් 16 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.

සෙසු ආසාදිතයින් 322 දෙනා දිස්ත්‍රික්ක 21 කින් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,862 දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ඒ 41කි.

මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 40ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෙසු ආසාදිතයින් 206 දෙනෙකු දිස්ත්‍රික්ක 18 කින් වාර්තා වී ඇත.

කොවිඩ් ආසාදිතයින් 85,725 දෙනෙකු මෙරටදී සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 2,600ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 537කි.

මේ අතර ගතවූ දිනයේ එන්නත් 9,657ක් ලබාදීමත් සමග කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට ලබා දී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 806,449කි.

Read more

Local News