රවී ඇතුළු සැකකරුවන් 8දෙනාට පීසීආර් පරීක්ෂණ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා අද (18) දිනයේ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා ඊයේ (17) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. 

එහිදී, මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ නීතිඥයින්ට සහ ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඔවුන් බැලීම සඳහා අවස්ථාව හිමිවන බවය.