බත්තරමුල්ලෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන්

Share

බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා රෝගීන් 56ක් හදුනාගෙන තිබෙන බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 313ක් හඳුනාගෙන ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89175 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 302 දෙනා රටතුළින් හඳුනාගත් ආසාදිතයින් ය.

මේ අතරින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 106කි.

ඊට අමතරව, සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්  ආසාදිතයින් 66ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක් ලෙස වාර්තා  වී ඇත.

සමස්ත ආසාදිතයින් 89,175 දෙනාගෙන් 85,944 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2,693 දෙනෙකු පමණි.

කොරෝනා ආසාදිත තවත් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ද 538ක් දක්වා ඉහළ ගියේ ය.

එලෙස මියගොස් ඇත්තේ, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102 ක් තුළ පුද්ගලයින් 10,692 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (18) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 8,966 කි.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ද මෙරටදී සාර්ථකව ක්‍රියාත්මක අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 9136 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර ඒ අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛාව ද 815,585 ක් දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් හදුනාගත් ප්‍රදේශ

Read more

Local News