අවුරුදු 13න් පහළ අයට ඉන්ස්ටග්‍රෑම්

Share

වයස අවුරුදු 13 ට අඩු අය සඳහා පළමු වරට ඉන්ස්ටග්‍රෑම් ආරක්ෂිතව භාවිතා කිරීමට ඉඩ දීමට සමාගම විසින් ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් තැනීම ආරම්භ කරනු ඇති බව ෆේස්බුක් ආයතනය අභ්‍යන්තර සමාගම් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් සඳහා වන මැසෙන්ජර් කිඩ්ස් යෙදුමට සමාන දෙමාපියන් විසින් පාලනය කළ හැකි ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් සැකසීමට පියවර ගෙන ඇත.

Read more

Local News