පැරෂුට් පුහුණුවකදී ගුවන් හමුදා භටයෙකු මරුට

Share

අම්පාර, උහන ප්‍රදේශයේ පැරෂුට් පුහුණුවකදී සිදු වූ අනතුරකින් ගුවන් හමුදා භටයෙකු මිය ගොස් තිබේ.

අඩි 3500 ක ඉහළ අහසේ සිට සිදු කළ පැරෂුට් පුහුණුවකදී අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා බලඝණ නායකයෙකු වන අතර සැරයන්වරයෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබු ගුවන් හමුදා සැරයන්වරයා මේ වනවිට අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.

Read more

Local News