රාජිත සහ චතුර කොළඹ අපරාධ කොට්ඨාසයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඒ විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ කැදවීමකට අනුවය.

පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා ඔවුන් දෙදෙනාට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.

තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට “සියරට“ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු බව පැවසෙන 62 හැවිරිදි සුජීව ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.