මුහුදු මාර්ගයෙන් ගෙනා කහ තොගයක් අත්අඩංගුවට

Share

කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ තීරයේ සහ තලේමන්නාරම කුඩුඉරිප්පු වෙරළ තීරයේ 2021 මාර්තු 19 සහ 20 යන දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමන ලද තෙතබර සහිත වියලි කහ කිලෝග්‍රෑම් 2221 ග්‍රෑම් 600ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.  

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානය මගින් මාර්තු 20 වන දින කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ  මලු 33ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1149 ක පමණ ප්‍රමාණයක් ද, මාර්තු 19 වන දින උතුරු මැද නාවික විධානය මගින් තලේමන්නාරම, කුඩුඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ තවත් සොදිසි මෙහෙයුමකදී වෙරළට ආසන්නයේ ජාවාරම්කරුවන් විසින් සඟවා තිබූ මලු 19ක අසුරන ලද වියලි කහ කිලෝ 1072 ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් ද මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී. 

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක්  නාවික හමුදා භාරයේ තබා ඇත.

Read more

Local News