අප්‍රේල්21 සිදුවු ඉරුදින ප්‍රහාරය පිළිබද සදහන් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීමට ජනපති විසින් පත්කෙරුණු අමාත්‍ය අනු කමිටුව සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (23) සහ හෙට (24) යන දෙදින රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
කොමිෂන් සභා වාර්තාව මඟින් විවිධ ආයතනවලට අදාළව කරනු ලැබී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කරුණු සොයාබැලීම එම කමිටුවට පැවරුණු ප්‍රධාන වගකීමය.