දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී

Share

ඊයේ(22) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙයි.

කොට්ටාව හා අතුරුගිරිය අතර මෙම ගිනි ගැනිම සිදුවී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් පස් දෙනකු ගින්න හට ගන්නවාත් සමග ඉන් පිටතට පැන දිවි බේරා ගෙන ඇත.

හම්බන්තොට අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී කඩුවෙල දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී වෑන් රථයෙන් කරගඳක් වහනය වීම නිසා රථය නතර කර තිබු බවත් ඒ සමගම වෑන් රථයේ ඉදිරි කොටසින් මෙම ගින්න හටගෙන තිබූ බවත් වැඩ්දුරටත් වාර්තා වෙයි.

ගින්න නිවා දැමුව ද ඒ වන විටත් වෑන් රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇත.

Read more

Local News