උත්සව සමයේ නීරෝධායන නීති අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

Share

ඉදිරියේදි උත්සව සමයේ සිංහල හා හින්ඳු නව වසර වෙනුවෙන් සූදානම් වීමේ දී ද නීරෝධායන නීතිවලට අනු ගතව ක්‍රියා කරන ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ ඊයේ (22) දිනයේ ද නීරෝධායන නීති උල්ලංඝනය කළ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා තවදුරටත් වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ දක්වා නීරෝධායන නීති උල්ලංඝනය කීරීම් වලට අදාළව පුද්ගලයන් 3386 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර මින් පුද්ගලයන් 3350 කට පමණ නඩු පවරා ඇති බව ද වාර්තා වෙයි.

Read more

Local News