Home දේශීය පුවත් රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක් : රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක් : රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

0
රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක් : රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක් සිදුවිය යුතු බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රමවේදයක් ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (23) දිනයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතා විසින් ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, යම් නියාමනයකට අනුව එය සිදු කළ යුතු බවත් සමේ ආලේපනය කරන මෙම සංවේදී ද්‍රව්‍ය ප්‍රමිතියකට අනුව ආනයනය කළ යුතු බවත් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක් වී මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

රූපලාවන්‍ය ද්‍රව්‍යය ආනයනය කිරීම පසුගිය වසර කිහිපයේ සියයට සියයකින් වැඩි වී ඇති බවත් 2015 වසරේ ජාතික ඖෂධ නියාමන පනතෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය යන පරිච්ඡේදය සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත් කිසිදු නියාමනයකින් තොරව රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උවමනාව මත මෙය සිදු වී ඇතැයිද මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here