කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පෙරවරු 8.00 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ.

ඒ අනුව වාද්දුව/ වස්කඩුව/ පොතුපිටිය/ මොල්ලිගොඩ/ මොරොන්තුඩුව/ කළුතර උතුර/ කළුතර දකුණ යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම පැය 18ක කාලයක් අත්හිටවනු ලබන බවයි.

Previous articleමෙරට කොවිඩ් මරණ 552ක් දක්වා ඉහළට
Next articleවී අලෙවි මණ්ඩලය විසින් මිලට ගත් වී පිළිබද රජය ගත් තීරණය