අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

Share

අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ යැන්ගොන් පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ පක්ෂ මුලස්ථානයටය.

එම ප්‍රහාරයෙන් පක්ෂ මුලස්ථානයට දැඩි හානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මියන්මාර හමුදා පාලනයට එරෙහිව තව දුරටත් එරට ජනතාව විරෝධතාවයේ නිරත වන අතර මේ වන විට විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් වලින් පුද්ගලයින් 300 ඉක්මවා මිය ගොස් තිබේ.

Read more

Local News