හිටපු මුදල් ඇමති රවී මාර්තු 31 දක්වා රිමාන්ඩ්

Share

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනා මාර්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ 2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන් චෝදනා යටතේය.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළේය.
  
අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

මෙම විත්තිකරුවන්ට ඊයේ (25) චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇපමත මුදාහැරීමට අනුමැතිය පළ නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දී තිබුණි.

Read more

Local News