මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනෙකු අත්අඩංගුවට

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනෙකු ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඔවුන් දෙදෙනා අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන හලාවත සහ මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම පුද්ගලයින් දෙදෙනා සේවය කරමින් සිටි මද්‍රසා පාසලට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවා වන සහරාන් හෂීම් නමැත්තා පැමිණ දරුවන් සඳහා දේශන පවත්වා ඇති බවට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News