චීන කොවිඩ් එන්නත් තොගයක් බදාදා දිවයිනට

Share

එළඹෙන 31 වැනිදා චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියම්තව ඇත.

චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් සංවර්ධනය කරන ලද COVID-19 සීනෝෆාර්ම් එන්නත් 600,000 ක් පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබෙන බව වාර්තා වී තිබේ.

ඒ අනුව බදාදා (31) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිතයි

සීනෝෆාර්ම් COVID-19 එන්නත ලොව පුරා සැපයුම් මාත්‍රාව මිලියන 100 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ තුළ මාත්‍රා මිලියන 80 කට අධික ප්‍රමාණයක් ලබා දී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News