සීගිරිය සිංහපාදය ආසන්නයේ සිදූවූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියෙක් රෝහල්ගත කෙරේ

ඊයේ (28) දින අලුයම 4.00ට පමණ සීගිරිය සිංහපාදය අසළ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි පුරාවිද්‍යා ආරක්ෂක අංශයේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතියේ නේවාසික කළමනාකාරවරයා අතර ඇතිවූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියකු රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි.

ආරක්ෂක නිලධාරීන් 3 දෙනෙක් පහර කැමට ලක් වූ බව පවසමින් සීගිරිය පොලීසියට පැමිණිළිකර ඇත.

මොවුන් සීගිරිය සිංහපාදය ඔස්සේ ඉහළට පිවිසීමට පැමිණිවිට මෙම ගැටුම ඇතිවී තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වනු ලැබේ.