ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර විශ්ව විද්‍යාලය

Share

රැකියා වෙළෙඳපොළ ඉලක්කගත උපාධිධාරීන් බිහි කිරීම අරමුණ කර ගනිම්න් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙන් ඉදිවන ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර විශ්ව විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිතව තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිතය. 

මෙම නගර විශ්වවිද්‍යාලය මගින් ප්‍රදේශයේ පවතින වෘත්තීය අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ උපාධිධාරියකු බිහිකිරීමට කටයුතු කරන බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ, තේ හා රබර් කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. 

නගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට යෝජිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරබේපොල යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ. 

මුල් අදියරේ දී මෙම නගර විශ්වවිද්‍යාලය මගින් සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව උපාධි ක්ෂේත්‍ර හතරක් යටතේ උපාධි ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව කෘෂිකර්මාන්ත, කර්මාන්ත, සංචාරක, වැවිලිකර්මාන්ත වැනි ශ්‍රේෂ්ඨ කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත. 

නගර විශ්ව විද්‍යාල සංකල්පය පරිදි යම් ප්‍රදේශයක මානව සම්පත් අවශ්‍යතාවය හඳුනාගෙන මෙම අවශ්‍යතාවය සපිරීමට අවැසි වෘත්තීය නිපුණතාවය ඇති උපාධිධාරියෙකු බිහි කිරීම මූලික ඉලක්කය බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

Read more

Local News