අභිජනනය කළ මිරිදිය මත්ස්‍ය පැටවුන් හාරලක්ෂ හැටදහසක් ජලාශ වෙත මුදා හැරේ

Share

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමිම, අඩුමිලකට මිරිදිය මසුන් ලබා දීම, ධීවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම අරමුණින් අභිජනනය කරන ලද මිරිගල්,ජයන්ට් කාෆ්, කැට්ලා යන මත්ස්‍ය ඇසිත්තන් (ඉතා කුඩා පැටවුන්) කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයන්හි ආරක්ෂිත දැල් කූඩු වලට මුදා හැර තිබේ.

එම මත්ස්‍යයින් උඩවලව, නුවරඑලිය, හම්බන්තොට මුරුතවෙල යන මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල අභිජනනය කර ඇත.

එම මත්ස්‍ය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර පසුව එම මත්ස්‍ය ඇසිත්තන් (ඉතා කුඩා පැටවුන්) , මත්ස්‍ය ඇගිල්ලන් ලෙස වැඩුණු පසු ආරක්ෂිත දැල් කූඩුවලින් ඉවත් කර යළිත් එම ජලාශවලට මුදා හැරිමට නියමිතයි.

මෙම මත්ස්‍ය පැටවුන් මාස 8 ක කාලයක් තුළ කිලෝ 1 ½ ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බව ජතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා පැවසීය.

Read more

Local News