දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන්

Share

ඊයේ දිනයේ කටුගස්තොට පොලිස් වසමේ නුගවෙල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් සිදු කල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 201ක් සන්තකයේ තබාගෙන යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ වයස අවුරුදු 26ක් වන අතර වැරැල්ලගම ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

මේ අතර සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් සිදු කල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 106ක් ළග තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුවන් අවුරුදු 39 හා 30 යන වයස්වල පසුවන්නන් වන අතර මාකොළ හා කොළඹ 15 ප්‍රදේශයේ පදිංච්කරුවන්ය.

සැකකරුවන් ඊයේ දිනයේ මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින 5ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News