මෙරට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබද අවවාදාත්මක නිවේදනයක්

අද දිනයේ සිට පොළොන්නරුව / ත්‍රිකුණාමලය/ මඩකලපුව / අම්පාර / මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ක් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් ඉදිරි දිනයේ ලා පැහැති හා සුදු පැහැති ඇදුම් ඇදීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

විශේෂයෙන් කුඩා දරුවන් පිළිබදවද සැළකිලිමත් විය යුතුයි.