රන්ජන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබිය.

මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේය.