කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා බන්ධනාගාරයේ දී මියයයි

Share

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබේ.

වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බව වාර්තා වෙයි.

මෙලෙස මිය ගිය ඉන්දියානු ජාතිකයා 45 හැවිරිදි වියේ පසුවිය.

Read more

Local News