පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අනාවරණය කෙරේ

Share

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැනට අත්අඩංගුවට ගෙන සිටින නෞෆර් මවුලවී බවට හඳුනා ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 2014 දී එම පුද්ගලයා විසින් IS මතවාදය ගෙන ආ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද සදහන් කළේය.

මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Read more

Local News