මන්ත්‍රී මධූර විතානගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් පසුගිය ආණ්ඩු සමයේ රජය මඟින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසම්න් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මන්ත්‍රිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ ” විශේෂයෙන්ම 2015 ජනවාරි මාසයේ සිට 2019 වසර අවසාන වන තෙක් ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට, රෝහල්වලට බෙහෙත් මිල දී ගැනීම් සම්බන්ධයෙන් දැවැන්ත අක්‍රමිකතා වංචාවක් සිදුවු බව අපි පසුගිය දිනවල සොයා ගත්තා. ආයතන කිහිපයක් නිරීක්ෂණය කළා. ඒ අනුව අපි සොයා ගත්තා 2015 -2019 කාලය තුළ රජයේ රෝහල්වලට සෞඛ්‍ය උපකරණ, ඒ වගේම එන්නත් මිල දී ගැනීම්වලදී දැඩි අක්‍රමිකතාවයක් දුෂණයක් සිදුව ඇති බවට. සාමාන්‍ය වෙළෙඳපොළේ රු 300කට වගේ මිලකට තිබෙන ඖෂධයක් රු 15,000 කට හෝ රු 20,000කට වගේ අධික මිලකට ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදී ගෙන තිබෙනවා.“ බවයි.

Read more

Local News