මගී බස් රථයක් පැදවූ සා/පෙළ සිසුවෙක් අත්අඩංගුවට

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් පෞද්ගලික බස් රථයක් වලංගු රිය බලපත්‍රයක් නොමැතිව පදවාගෙන යමින් සිටියදී මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය පියාට අයිති මගී බස් රථය මෙම සිසුවා විසින් වීරකැටිය සිය නිවසේ සිට මිද්දෙණිය නගරය දක්වා ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ මගීන් සිට නොමැති අතර බස් රථයේ අවශ්‍යතාවයකට මිද්දෙණිය නගරයට පැමිණ ඇති බව විමර්ශනවලින් අනාවරණය වි ඇත.

බසයේ අයිතිකරු වන පියාට සහ සිසුවාට නීතිමය පියවර ගෙන තිබෙන බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Read more

Local News