සමාන ප්‍රතිලාභ අත්වන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි (ඡායාරූප)

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථය බවත් රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

ඊයේ(07) පස්වරුවේ මහනුවර වෛද්‍ය සංගමයේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසඳුම් සෙවීමට වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

ගම සමඟ පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවල දී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණදෙන් විවිධ ගැටලු සෘජුව අත්දැකීමට හැකි වු බව පෙන්වාදුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය පද්ධතියේ ජය ගත යුතු යම් යම් දුර්වලතා එහිදි හඳුනාගැනීමට හැකි වු බවය.

අඩුපාඩු දිගටම පැවතීමට ඉඩදුනහොත් බරපතළ අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පෙන්වා දී තිබේ.

No photo description available.
May be an image of 1 person and standing
May be an image of one or more people, people standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of one or more people, people standing and indoorMay be an image of 1 person, sitting, standing and indoorMay be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of one or more people and indoorMay be an image of 3 people and people standingMay be an image of 2 people, people standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of 1 person and standingMay be an image of 1 person, standing and indoorMay be an image of one or more people and people standingMay be an image of one or more people, people standing and indoor