බෙලිගමුව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් අයෙක් මරුට

Share

ගලේවල, අඹේපුස්ස – ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ වයස 46ක් වු පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News